පොහොට්ටුවේ දෙපිරිසක් ම රනිල් දිනවන්න සාකච්ඡා !

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනෙක් කොළඹ ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙක් කොළඹ මල්පාරේ ස්ථානයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 18 දෙනෙක් තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක හමුවී සාකච්ඡා පවත්වා පවත්වා ඇතැයි සඳහන්.

එම සාකච්ඡාවලදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන්ද දෙපාර්ශවයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දෙපාර්ශවයේම අවසන් එකඟතාව වී ඇත්තේ තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදිය යුතුය යන්නයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, දේශපාලන කාර්යාලය පිහිටුවීම, ඡන්දපොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

තවද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල සහය ජනාධිපතිවරයාට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙලක් සැකසීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකකච්ඡා කර ඇති බව සඳහන්.

රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමඟ ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු ව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles