මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ධීවර අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසන්නේ.
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි සඳහන්.
ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබෙනවා.
එහිදී ධීවරයින් 06 දෙනාම රෝගී තත්ත්වයට පත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඔවුන් දැනුම්දීමක් සිදුකර තිබු බවයි ධීවර අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.