Breaking : මැනිං වෙළඳ සංගමයේ 12ක් අත්අඩංගුවට!

මැනිං පොදු වෙළෙඳ සංගමය අද(26) විරෝධතාවයක නිරත වුණා. ඒ මැනිං වෙළඳපොලේ කඩ කාමර පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට එරෙහිව බවයි පැවසුණේ.

එහි දී මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 12දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මෙම පිරිස් පෑලියගොඩ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.ෙ

වෙළෙඳ සංගමය විසින් ඊයේ(25) විරෝධතාවය ප්‍රකාශයට පත් කර තිබූ අතර ඊට අධිකරණය ඊයේම (25) වාරණ නියෝගයක් ද නිකුත් කර තිබිය දී විරෝෂතාවය දියත් කිරීමට එරෙහිවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.

කෙසේ වෙතත් අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසැල් වසා දමමින් වෙළඳුන් වෙළද කටයුතුවලින් ඉවත්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles