මහත් ආන්දෝලනයකට ලක් වූ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ ඇතුළු ඉහළ නිලධාරීන් සිව්දෙනා නොවැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් මෙම පිරිස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි, මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.
වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මේ පිරිසට ඇතුළත්.