2024 වර්ෂය සඳහා වන අය-වැය අද දින පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
අය-වැයට පක්ෂව ඡන්ද 122ක් සහ විපක්ෂව 81 ලැබී තිබෙනවා. කෙසේ වෙතත් සී.වී. විග්නේෂ්වරන් මන්ත්රීවරයා අය-වැයට ඡන්දය ලබා දී නැහැ. ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා අයවැයට පක්ෂව ඡන්දය ලබා දීමත් විශේෂත්වයක්. රොෂාන් රණසිංහ මන්ත්රීවරයාද අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබෙනවා. අලිසබ්රි රහීම් සහ වඩිවේල් සුරේෂ් යන මන්ත්රීවරුද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණා.
වෙනත් දේශපාලන ප්රවාහයක් නිර්මාණය කරන බව කියමින් සිටින නිමල් ලාන්සා මන්ත්රීවරයාද අය-වැයට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබීම දකින්නට ලැබෙනවා. ජෝන් සෙනෙවිරත්න සහ අනුර ප්රියදර්ශන යාපාද අය-වැයට සහයෝගය පළ කර තිබෙනවා.
ඒ අනුව වැඩි ඡන්ද 41 කින් 2024 වර්ෂයට අදාළ අය-වැය සම්මත වී තිබෙනවා.