Breaking : විශ්වාසභංගය පරාදයි!

බාල බෙහෙත් ගෙන්වීම, රෝගී මරණ, සෞඛ්‍ය කෂේත්‍රයේ කඩා වැටීම යන කරුණු මුල් කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙනා විශ්වාස භංගයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය සමත්ව තිබෙනවා.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 73ක් පමණක් වන අතර ඊට එරෙහිව ඡන්ද 113ක් ලැබී තිබුණා.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුද වෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට පාර්ලිමේන්තුවේ බහුතරය කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles