අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ 12. 5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 145 කින්ද 5KG සිලින්ඩරය රුපියල් 58කින්ද වැඩි 2.5KG රු. 26කින්ද වැඩි කිරීමට ලිට්‍රො ගෑස් සමාගම තීරණය කර ඇති බව එහි සභාපති මුදිත පීරිස් විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටිනවා.
ඒ අනුව 12.5 KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු.3129.00ක් වනවා.
ලෝක වෙළඳ පොලේ වර්තමාන මිල ගණන් අනුව මෙම ගණනට වඩා විශාල ගණනකින් ගෑස් මිල වැඩි කිරීමට සිදු විය හැකිව තිබුණත් තමන් ලෝක වෙළඳපොලේ මිල ගණන් වැඩිවීම අනුමාන කරමින් ගිය මාසයේ දී වැඩිපුර ගෑස් තොග ඇනැවුම් කළ බැවින් මිල වැඩි කිරීම මේ මට්ටමට රඳවා තබා ගැනීමට හැකි වූ බවයි සභාපතිවරයා පවසා සිටියේ.