අද උදෑසන වැලිවේරිය පොලිස් වසමේ ඇඹරුලුව පාර ජුබිලි මාවත ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු සිය යතුරු පැදිය අතහැර කුඩා ලොරි රථයකින් ඔවුන් පළා ගොස් තිබෙනවා. තුවාලකරු උඩුගම්පොළ මාදෙල්ගමුව ප්රදේශයේ පදිංචි අයෙක්. ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් විමර්ශන ක්රියාත්මකයි.