අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලෙස සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින්ද, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින්ද, භූමිතෙල් මිල රුපියල් 13කින්ද පහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 95 සහ ලංකා සුපර් ඩීසල් මිල ගණන් වෙනස්වී නැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අඩු කළ මිල ගණන් අනුව නව මිල පහත පරිදි වෙනවා.
ඔක්ටේන් 92 – රු. 355.00
ලංකා සුදු ඩීසල් – රු. 317.00
භූමිතෙල් – රු. 202.00