නාරම්මල ප්‍රදේශයේ පොලීසිය සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මංකොල්ලයකට පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙය සිදුවූ බවයි පොලිසිය පවසන්නේ.
ඇපල් වර්ගයේ ජංගම දුරකතන අලෙවිකරන බවට දැන්වීම් පළ කර, ඒවා මිලට ගැනීමට පැමිණෙන පිරිස් මංකොල්ල කෑමට උත්සාහ දරා ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසකට මෙසේ නාරම්මලට පැමිණ දුරකතන මිලට ගැනීමට එන ලෙස පවසා ඇති අතර, ඇති වූ සැකයක් මත ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඔවුන් පැමිණි පසු මෝටර් රථයට තියුණු ආයුදවලින් පහර දී ඇති අතර පොලිසිය සහ ඔවුන් අතර පොරබැදීමක් ඇති වී තිබෙනවා. එහිදී පොලිසිය කොල්ලකරුවන්ට වෙඩි තබා ඇති බවද දෙදෙනෙක් පළා ගොස් ඇති බවද වාර්තා වෙනවා.