ඊයේ (21) දින පාර්ලිමේන්තුවේ සිදුවූ කලබැගෑනියේදී අතිශ්‍ය විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක් දක්වා අත්හිටුවා තිබෙනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් පවසන කතානායකවරයා එම විනය විරෝධී ක්‍රියාව තමා හෙළා දකින බවද පවසනවා.