ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් මස 14 වන දින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.
විවිධ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විශාල චෝදනා ප්‍රමාණයක් පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එල්ල වුණා.