ඉන්දියන් සාගරය තුළ අද (29) භූ කම්පන 4ක් වාර්තා වී තිබෙනවා. අද අලුයම භූ කම්පන දෙකක් සිදුව ඇති අතර ආසන්නතම භූ කම්පනය පෙරවරු 8ට පමණ සිදුවී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන පවසන්නේ.
මෙහි කම්පනය රික්ටර් මාපක ඒකක 5ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
මෙයින් ලංකාවට බලපෑමක් ඇති නොවෙන බව සඳහන් වෙනවා. ඉන්දියන් සාගරයේ මාලදිවයින ආසන්නයේ සාගර පතුළේ කඳුවැටියක මෙය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.