භාණ්ඩ 97කට ලබන ජනවාරි මස සිට 18%ක වැට් බදු අයකිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් වන එකතු කළ අගය මත බදු සංශෝධන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ් වැඩි ඡන්ද 45කින්.
ඒ අනුව පණත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 55ක් පමණයි.
ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එජාප වජිර, හරීන් සහ මනූෂ පක්ෂව ඡන්දය ලබා දුන්නා.
පණතට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, නිදහස් ජනතා සභාව, දෙමළ ජාතික සන්ධානය යන කණ්ඩායම් විරුද්ධවී තිබෙනවා.
අනුර ප්‍රියදර්ශන, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, වඩිවේල් සුරේෂ්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ලබා දී තිබුණා.
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් සහ හිටපු ජනපති මෛත්‍රීද පණතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්දය පාවිච්චි කළේ නැති බව වාර්තා වුණා.