මෙරට අල්ලස දූෂණය ගැන මහබැංකුවෙන් බරපතළ වාර්තාවක්!

අල්ලස සහ දූෂණය මේ වන විට මෙරට අපරාධකාරී මුදල් උපයන දෙවැනි ආදායම් මාර්ගය වී ඇති බවට මහබැංකුවේ මූල්‍ය බුද්ධි අංශය විසින් නිකුත් කළ වාර්තාවක දක්වා තිබෙනවා.

පැමිණිලි කිරීම් ඉහළ මට්ටමක තිබුණද වැටලීම් සහ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නඩු පැවරීම් ඇත්තේ ඉතා අවම මට්ටමක බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. මුදල් විශුද්ධිකරණයට අදාළ විමර්ශන නොමැතිවීම හේතුවෙන් ඊට අදාළ කිසිදු නඩුවක් නොමැති බව එහි දැක්වෙනවා.

නීතිවිරෝධී ආදායම් ඉපැයීමේ පළමු තැනට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම වන අතර තෙවැනි තැන රේගු ආදායම් වංචා ලබා ගෙන තිබෙනවා. එකී නීතිවිරෝධී ආදායම රුපියල් බිලියන 14කට ආසන්න බවයි කියැවෙන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ විරෝධී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් රජය වෙත ලබා දී ඇති වැඩසටහනේ වන ඉලක්කයක් ලෙසද දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles