නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි අනුව අත්අඩංගුවට ගත් ප්‍රණීත් ලක්මාල් නමැති සැකකරු ඊයේ (14) කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
මුහුණු පොතේ දැන්වීම් පළ කර ඇති සැකකරු රූමත් තරුණියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට ඒත්තු ගන්වමින් ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර තිබෙනවා.
වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇති සැකකරු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවට විමර්ශන මඟින් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය පවසනවා.