ක්ෂණික මාධ්‍යවේදීන්ට එරෙහිව නීති ගේනවා: ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති

ස්මාර්ට් ජංගම දුරකතන අතට ගෙන තමන් මාධ්‍යවේදීන් යැයි පවසමින් කටයුතු කරන සමහර පුද්ගලයන් නිසා අවංකව වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් අපහසුතාවට පත් වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් පිරිනැමෙන ‘ඇසි දිසි‘ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්ට පිරිනැමීමේ උත්සවයේ දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ක්ෂණික මාධ්‍යවේදීන් නිසා මාධ්‍යවේදීන්ට සිදුවන බලපෑම වළක්වා ගැනීමට නීති සම්පාදනය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles