විදුහල්පතිවරයෙක්ගෙන් සිසුන්ට මෘග දඬුවමක්

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිසුන් කිහිපදෙනෙක්ට දඬුවමක් ලෙස පොලිතීන් සහ කඩදාසි ගිල්ලවූයේ යැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රෝගී වූ සිසුන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ. ඔවුන්ට උදරයේ වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ මතුවී ඇති බවට දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ විට ඔවුන් දිවා ආහාරය ඔතාගෙන ආ පොලිතින් සහ පත්තර පිටු නැවත රැගෙන යෑමට බෑග්වල දමාගෙන සිටියදී ඒවා එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමා ගිලින්නට බල කළ බව පොලිස් පැමිණිල්ලේ සඳහන් බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles