පොතුහැර ලිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ වැඩ විසූ බැවිලිගමුවේ සුජාත හිමියන් පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පොතුහැර පොලිසිය පවසනවා.
පොතුහැර පරබාවිල ප්‍රදේශයේ සුජාත හිමියන්ට අයත් පෞද්ගලික නිවසකදී ගෙල ප්‍රදේශයට පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
64 හැවිරිදි උන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට ඇතුළත් වූ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සුජාත හිමි විවාහකයකු බවත් වසර 25කට පමණ පෙර බිරිඳ උන්වහන්සේ හැර ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
ඝාතනය වූ දින රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු පෞද්ගලික නිවසට පැමිණ උන්වහන්සේ හමුවීමට පැමිණ භාරකාර යුවළට නිවසින් පිටව යන ලෙස දන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොතුහැර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.