ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් නැවත ලබා දීමට මේ අය-වැය හරහා තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම යෝජනාව ඉතා හොඳ එකක් බවත් මන්ත්‍රීවරුන්ට පාලමක් බෝක්කුවක් හැදීමටවත් ඇත්තේ එම අරමුදල බවත් ය.