ගිනි තැබුණු රනිල් නිවස නැවත යථා තත්වයට : තිබුණු දේ ගැනත් විස්තරයක්!

පසුගිය අරගල සමයේ ගිනි තබනු ලැබූ ජනපති රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය 5 වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවස මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙම නිවස ජනපතිවරයාගේ මව වන නාලිනී වික්‍රමසිංහගෙන් ඔහුට ලැබුණු පර්චස් 20ක බිම් කොටසේ ඉදි වූවක්. රනිල් වික්‍රමසිංහගේ සීයා වූ ඩී.ආර්. විජේවර්ධනගේ ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම වෙනුවෙන් ලැබුණු වන්දියෙන් 1980 දී පමණ මෙම නිවස ඉදි කෙරුණු බවයි පැවසෙන්නේ.

එහි පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ සහ පොත් තොගයක් උක්ත සිදුවීමේදී ගිනි ගෙන විනාශ වුණු අතර ගෘහ භාණ්ඩ කිහිපයක් යථා තත්වයට ගෙන ඇති බව සඳහන්. වසර 200ක් පැරනි හෙලේනා විජයවර්ධන ළමාතැනියට අයත් ඇඳක් ද, වසර 100ක් පමණ ඉතිහාසයක් සහිත පුටු කට්ටලයක්ද එහි තිබුණු බව කියැවෙනවා. මෙරට ප්‍රකට දේශපාලන චරිත ගණනාවක් එහි අසුන්ගෙන සිටි බැවින් එහි වටිනාකම ඓතිහාසික බව ඒ දිනවල ජනපතිවරයා කියා සිටියා.

ජනපතිවරයාට අයත් වටිනා පොත් 2500ක් පමණ ද විනාශ වී ගොස් තිබුණා.

ඒ පොත් අතර ඇමරිකානු ජනාධිපතිවරු දෙදෙනෙක්ගේ අත්සන් සහිත පොත්, නැවත සොයා ගත නොහැකි කෘති, ඕලන්ද යුගයේ කෘති සහ කොළඹ විශ්වවිද්‍යාලයට ලබා දීමට සූදානම් කර තිබූ කෘති, 1902 සිට වැදගත් තොරතුරු සහිත සීඩී පට 200ක්, ඡායාරූප ඇල්බම් ගණනාවක්ද තිබු බව වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ වන විට කුඩා පුස්තකාලයක් සහ අඩක් විනාශව පිලිසකර කළ ගෘහ භාණ්ඩ එම නිවසේ දැන් තිබෙන බව සඳහන්.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles