කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වෙනවා.
තවත් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මෙම අනතුර සිදු වී ඇත්තේ අද පෙරවරු 10:30 ට පමණ බවයි දැනගන්නට ලැබෙන්නේ.
තුවාල ලැබූවන් වරකාපොල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා.