මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් ධාවනය, කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිරියේ සභාපති ප්‍රසන්න සංජිව පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ පූගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් මගීන් සමඟ දෙල්ගොඩ ප්‍රදේශයේ නවතා එහි රියැදුරා මත් ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිනමිණ පුවත්පත සිදු කළ විමසීමකට පිළිතුර දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “ගම්පහ දිස්ත්‍රික් මාර්ගස්ථ මගී ප්රහන අධිකාරය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළා. මේ වන විට අදාළ බස් රථය ධාවනයේ යෙදවීම දින තුනක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මෙවැනි වැරදි දිගින් දිගටම සිදුකරන බස් රථ සහ එහි සේවකයන් සම්බන්ධයෙන් අධිකාරිය දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. පසුගිය දිනෙක මගීන් සහිත බස් රථයක් නවතා එහි රියැදුරා මත් ද්රව්යභාවිත කිරීමට ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත රියැදුරා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.
බස් රථයේ ගමන් ගන්නා මගීන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. එවැනි ‘තොරතුරක් වෙතොත් වහාම අධිකාරය දැනුම්වත් කරන්න. මෙලෙස කටයුතු කර හසු වුවහොත් ඔවුන් එම බස් රථයට දෙන සේවා අත්හිටුවනවා. එකම බස් රථයක මෙවැනි සිද්ධියක් දෙවරක් වාර්තා වුවහොත් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නවා.”