බස් ගාස්තුවත් ඉහළ යන හැඩ

පසුගිය දා සම්මත වූ 18%ක් වන වැට් බදු ප්‍රතිශතය සමඟ බස් ගාස්තු ඉහළ යා හැකි බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු හඟවනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම නව වැට් සංශෝධනය අනුව බස් රථ ආනයනයේදී දැනට ආනයනය වන සාමාන්‍ය බස් රථයක මිල වන එක්කෝටි පනස්හත් ලක්ෂයක මුදල එක් කෝටි අසූ ලක්ෂයකට ආසන්න වන බවයි ඔහු පවසන්නේ. ඒ මිල අනුව බස් රථ ආනයනය කරමින්, අමතර කොටස්, ඉන්ධන සහ සේවා ගාස්තු සමග බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවයි සභාපතිවරයා පැහැදිලි කරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles