ඊයේ (1) අලුයම 4.40 ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගල්තලාවකට පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වටවල පොලිසිය පවසනවා.
අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ නුවරඑළිය ඩිපෝවට අයත් බස් රථයකටයි. කාන්තාවක් ඇතුළු මගීන් 18 දෙනෙකු තුවාල ලබා වටවල රජයේ දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන්ගේ අස්ථි බිඳීම්, තැලීම් ඇතුළු සුළු තුවාල ඇති බවයි වටවල රෝහලේ වෛද්‍යවරු පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල ප්‍රමාණයක් සිට ඇති අතර බස් රථය අතරමගදී විවිධ යාන්ත්‍රික දෝෂයකට ලක්ව තිබූ බව එහි පැමිණි මගීන් ප්‍රකාශ කළා.
රියදුරු සහ කොන්දොස්තරවරයාද සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වටවල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.