අය-වැයට පෙර යළිත් වතාවක් කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
මෙම කැබිනට් සංශෝධනය හරහා පොදුජන පෙරමුණේ මනදොළ සැපිරීම අපේක්ෂා කරන බවයි කියැවෙන්නේ.
පසුගිය කැබිනට් සංශෝධනය නිසා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනපතිවරයාට අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර අය-වැය අවස්ථාවේ ආණ්ඩුව අභියෝගයට ලක් කෙරෙනු ඇති බවට කසුකුසු මතු වුණා.
මේ අනුව පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටම අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයාට සිදු වනු ඇති.