විදුලි ගාස්තු සංශෝධනය සෑම මාස තුනකට වරක්ම සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගත් බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සදහන් කළා.
මීට පෙර අවසර තිබුණේ වසරකට දෙවතාවක් පමණක් විදුලි ගාස්තුව සංශෝධනය කිරීමටයි.