ආර්ථික බංකොලොත්භාවය: සාගර කාරියවසම් කබ්රාල්ගෙන් හේතු අසයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන රට තුළ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අද කැඳවා තිබෙනවා.

2023 ජූලි මාසයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සොයා බලා සුදුසු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවා. එහින් විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉල්ලා අස් වුණා.

මෙම තේරීම් කාරක සභාවේ සභාපති මන්ත්‍රී සාගර කාරියවසම් අදහස් දක්වමින් අද දිනයේ සාක්ෂි දීමට කබ්රාල් සහ අබේවර්ධන කැඳවා ඇති බවත් ඉදිරියේදී තවත් සාක්ෂිකරුවන් රැසක් සාක්ෂි දීමට කැඳවන බවත් කියා සිටියා.

රට බංකොලොත් බවට පත් වූ අවස්ථාවේ මහබැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් බැවින් ඔහුව කමිටුව ඉදිරියට කැඳවන බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles