කබ්රාල් නිදහස් වුණේ අල්ලස් කොමිසමේ වරදෙන්

ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.84කට අධික පාඩුවක් කළ බවට දේශපාලඥයෙක් මෙන්ම හිටපු මහබැංකු අධිපතිවරයෙක් වන අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.

එම තීන්දුවට හේතුව වී ඇත්තේ කබ්රාල්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පත්‍රයේ නීත්‍යානුකූලභාවයයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එදිරිව පවරා තිබූ චෝදනා පත්‍රයට අත්සන් තබා තිබීම මෙහිදී ප්‍රශ්නගත කරුණ වුණා. අධිචෝදනා පත්‍රයේ වලංගුභාවය සම්බන්ධ ප්‍රධාන කරුණ ලෙස විත්තියේ නීතිඥයන් ප්‍රශ්න කරනු ලැබුවේ මෙම කරුණයි.

2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි 1843267595කට අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවටයි අදාළ චෝදනාව ලෙස දක්වා තිබුණේ.

ඒ අනුව අධිචෝදනා පත්‍ර භාර නොදීම විත්තිකරුවන් නිදහස් කෙරුණේ අල්ලස් කොමිසම විසින් කරන ලද මේ අතපසුවීම නිසා බව පැහැදිලි වෙනවා. පසුගිය කාලය පුරාම විවිධ චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව පැවරූ නඩු කිහිපයකදීම තාක්ෂණික ගැටලු හේතුවෙන් නිදහස් කිරීමට උසාවියට සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles