සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ඇරඹේ

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට (14) ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වෙනිදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles