මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට කොල්ලකෑම පිණිස පැමිණි අයෙකු එම නිවසේ සිටි පුද්ගලයන්ගෙන් පහර කා මිය ගොස් තිබෙනවා.
අද අලුයම 4ට පමණ මිය ගිය අය තවත් දෙදෙනෙකු සමග කණ්ඩායමක් ලෙසින් අදාළ නිවසට ඇතුළු වී තිබෙනවා. එහිදී නිවසේ සිටි අයෙකු විසින් මිය ගිය පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර බරපතළ තුවාළ ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සෙසු දෙදෙනා ඒ අතර පළා ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.