ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇති.
මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්යක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙනවා.
තවද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අවසන් රැලිය මැද කොළඹ ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් රැලිය ද මැද කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇති.
අවසන් ප්රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි සඳහන්.