කැනඩා – ඉන්දීය අමනාපකම් තවත් උග්‍රවෙයි

කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වෙනවා.

මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා මඟින් ඉන්දීය අධිෂ්ඨානය කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇතැයි සඳහන්.

ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර රටවල් දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමටද එම රටවල් පියවර ගෙන තිබෙනවා.

එවැනි පසුබිමක පසුගිය ඉරිදා දිනයේ‍ කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පිහිටි හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය සමග තවදුරටත් දෙරට අතර විරසකය උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles