පිළිකා ඖෂධ පාරේ විකුණද්දී අල්ලයි

පිළිකා රෝග ඖෂධ ශීත පෙට්ටියක අසුරා රාගම මහරෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල විකුණමින් සිටි ජංගම වෙළෙන්දෙකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය භාරයට ගෙන තිබෙනවා.

පිලිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ අලෙවි නියෝජිතයෙක් තමාට ලබා දෙන බවත් තමන් ඒවා රෝගීන්ට අලෙවි කරන බවත් 24 හැවිරිදි මේ පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත පවසා තිබෙනවා.

මොහු සන්තකයේ පිළිකා රෝගීන්ට ලබා දෙන එන්නත් සහ ඖෂධ 16ක් තිබුණු බවත් ඒවා ලක්ෂ 5ක් පමණ වටිනා බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles