කාගිල්ස් සේවකයන් තරුණියක් නිරුවත් කර පහර දෙයි!

කාගිල්ස් ෆුඩ් සිටි සේවකයන් පිරිසක් තම සුපිරි වෙළඳසලක් තුළදී තරුණියකගේ ඇඳුම් ගලවා පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙමින් තිබෙනවා.

CCTV දර්ශන බව පෙනෙන එහි දැක්වෙන්නේ, සිය ආයතනයේ දොරවල් වසාගෙන හුදෙකලා තරුණියකට සේවක පිරිස එක් වී පහර දෙන අයුරුයි. ඇගේ උඩුකය ඇඳුම්ද ඉරා දමමින් පහර දෙන අයුරු අදාළ දර්ශනවල දක්නට ලැබෙනවා.

ඇය යම් කිසි වංචනික ක්‍රියාවක හෝ නීතිවිරෝධී ක්‍රියාවක නිරත වූයේ නම් පොලිසිය කැඳවීම කළ යුතු ව තිබුණු අතර මෙලෙස නීතිය සියතට ගෙන කාර්ය මණ්ඩලය විසින් පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහරදීම තදින් විවේචනය කරමින් සමාජ මාධ්‍ය රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. විවිධ පෝස්ට් පළ කරමින් පිරිස් ඉල්ලා සිටින්නේ මේ පහර දෙන පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි.

වීඩියෝව පහතින්,

https://fb.watch/ndjpsNcF0H/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles