ඉතිහාසයේ පළමු වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) රාත්‍රියේ රුපියල් 1100කට අලෙවි වූ බව වාර්තා වෙනවා. ඒ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී.
එසේම, ලීක්ස්, බීට්රූට් සහ ගෝවා රුපියල් 500ක පමණ තොග මිලකට ඉහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් සහ බෝංචි තොග මිල රුපියල් 800 පමණ වෙනවා. රාබු කිලෝව පවා රුපියල් 350ක්ව තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රවාහන වියදම් ලාභ සහිතව මෙම එළවළුවලට විශාල සිල්ලර මිලක් නියම වෙනු ඇති.