නඩු ලේඛන ගිල්ල නීතිඥවරියගේ වෘත්තිය අත්හිටුවයි

අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා විනාශ කළ චෝදනාවට කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්යධර්ම උල්ලංඝනය කර ඇති බවටත් අදාළ චෝදනා පත්‍රය මඟින් චෝදනා නඟා තිබුණා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නීතිඥවරියට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතළ යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවත් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles