2024 ජනාධිපති අපේක්ෂකයන් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්විය නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ ආසන සංවිධායක අට දෙනෙකු විසින් පක්ෂයේ සභාපතිවරයාට සහ ලේකම්වරු දෙදෙනාට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
හපුතලේ ආසන සංවිධායක උදිත ලොකුබණ්ඩාර ඇතුළු සංවිධායකයන් අට දෙනෙකු විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ලේකම් දුමින්ද දිසානායක සහ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර විත්තිකරුවන් කරමින්.
ඒ අනුව විත්තිකරුවන්ට ශ්‍රීලනිපයේ තනතුරුවල සිටීමට නීතිමය අයිතියක් නැති බවත් එම තනතුරු දරණන බවට පෙනී සිටිමින් ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායකවරයාට සහය දැක්විය නොහැකි බවත් පෙන්වා දෙමින් ඔවුන් එම සහය දැක්වීම් නවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.