හොර රැකියා ඒජන්සියක් අල්ලයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව රට රැකියා සඳහා යැවීමට පුද්ගලයන් බඳවාගැනීම සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබා දෙන බවයි පවසා තිබෙන්නේ.

මෙය කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය ආයතනයකි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි සඳහන්ය.

සැකකරු, සමාජ මාධ්‍යය ඔස්සේ දැන්වීම් පළ කරමින් රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම සිදු කර ඇති බව වාර්තා වන්නේ.

අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 272ක්, ජීව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන රැසක් ද නිලධාරීන් භාරයට ‍ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles