රටපුරා බොහෝ ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්, දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ඊයේ (13 ) සවස නිකුත් කරනු ලැබුවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර උඩුනුවර සහ උඩදුම්බර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති අතර තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නාය යෑමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව,මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය, සහ වරකාපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ,මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ අකුරුස්ස,කොටපොළ පිටබැද්දර,හක්මන කඹුරුපිටිය, සහ වැලිපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ,කහවත්ත,අයගම, පැල්මඩුල්ල, සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර රත්නපුර, ඇහැලියගොඩ,කොලොන්න සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයෑමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
මේ අනතුරු ඇඟවීම් සම්බන්ධ අවධානය යොමු කර කටයුතු කරන්නැයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.