රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන නිවසටම දඩ පත්රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්රකාශ කරනවා.
එම වැඩපිළිවෙළ සඳහා බස් රථ නියාමනය කරන්නේ නම් අනිවාර්යෙන්ම බස් ප්රමුඛතා මංතීරු නීතිය ක්රියාත්මක කළ යුතු බව පවසන ඔහු, ත්රී රෝද රථ ඇතුලු වෙනත් වාහන බස් මංතිරුවේ ගමන් කිරීම බස් රථ ධාවනය කිරීමට ගැටලුවක් බවයි පවසන්නේ.
කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්රිකා යැවීමේ වැඩපිලිවල අද සිට ආරම්භ කරන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසා තිබෙනවා.
ෂා මරේ මරු ✌✌✌🎀