කලුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (26) නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියා. ඔහු, බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසකගේ ගැටුමක් අතර පහරකා මිය ගිය බවයි සඳහන් වූයේ.
මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අතුරතුර හෙළිව ඇත්තේ වසර දෙකකට පෙර කලුතර බන්ධනාගාරයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ කැමරවලින් 60ක් පමණ අක්‍රීය තත්වයේ පවතින බවයි. මෙම පහරදීම සිදුවූ බව කියන මැදිරියේ කැමරාවද අක්‍රීයව තිබෙනවා. එය සක්‍රීයව තිබුණේ නම් අපරාධය හෙළිකර ගැනීම පහසු විය හැකිව තිබුණු බවයි පොලිසිය සඳහන් කරන්නේ.