අද (26) වැනිදා පස්වරු 2 වන විට විදුලි බිඳ වැටීම් පැමිණිලි 61000ක පමණ ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලැබී ඇති බව වාර්තා වෙනවා.
පසුගිය දින 6 එනම් මැයි 21-26 අතර කාලය තුළ විදුලි පාරිභෝගිකයන් 467500කට පමණ විදුලිය ඇණ හිට ඇති අතර මේ පැමිණිලි ප්‍රමාණය ඒ හේතුවෙන් බවයි පැවසෙන්නේ.
අද පස්වරුව වන විට විදුලි බිඳ වැටීම් 26700ක පමණ ප්‍රමාණයක් යථා තත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග ප්‍රකාශ කරනවා.
විදුලිබල මණ්ඩල කළමනාකාරිත්වය සහ සේවා කාර්ය මණ්ඩලය විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම සඳහා පැය 24 පුරා සේවය සපයමින් සිටිනවා.