ලංවිම විකිණීමට විරුද්ධවූ සේවකයන්ගේ සේවය අත්හිටුවයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එරෙහිව පසුගිය දා විරෝධතාවයට එක් වූ සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපිකරුවන් 15 දෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇත්තේ  ඔවුන් මුදල් අය කිරීමේ කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවා දැමීමට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් බවයි පාලනාධිකාරිය පවසන්නේ.

අදාල විරෝධතාවලදී සේවාවලට බාධා කරන හෝ මාර්ගෝපදේශ කඩකරන සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles