ජයට අවුරුදු සමරන්න – අරක්කු මිල අඩු කරන්න යයි

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීමට උත්සාහ ගන්නා බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මෙසේ පවසා තිබුණේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles