සේනක බටගොඩට ගී වාරණයක්: “අපි කවුරුද” ගීයත් ඒ අතර!

ගායන ශිල්පී සේනක බටගොඩ ගායනා කළ ගීත 07ක් මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අද (2) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීමයි ඉන් තහනම් කර ඇත්තේ.

ගීත පදරචනය, තනු නිර්මාණය, සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක වෙත බුද්ධිමය දේපොළ පණත යටතේ ගෙවිය යුතු කතෘ භාග නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළවයි මෙසේ නියෝග කර ඇත්තේ.

ජනත් කුලතිලකගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමද වළක්වා වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles