ශම්මි සිල්වාට සහ වැඩබලන ලේකම්ට වාරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාට සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන විසින් අද (15) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ විසින් ශම්මි සිල්වාට හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීති විරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.

එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු විසින් එහිදී ඉල්ලා සිටියා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළ අතර විත්තිකරුවන්ට ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles