මහ බැංකුවේ සේවකයන්ට වැඩිකළ වැටුප සියයට විසිපහකින් අඩු කිරීමේ යෝජනාවක් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අතරින්ම ඉදිරිපත්වී තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවෙන්, සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධතා නිසාවෙන් බවයි වාර්තා වන්නේ.
මහ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිත බවද එහි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ නමුත්, මහ බැංකුව සිය වැටුප් වැඩිකර ගැනීම සිදුකර ඇත්තේ ලබන අප්‍රේල් මාසයේදී විශ්‍රාම යාමට නියමිත,මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම් මත බවද අනාවරණය වෙනවා.
මෙම නිලධාරියා මහ බැංකුවේ ඉහළ නිලයක් දරණ අතර,ඔහු විශ්‍රාම යාමේදී ඉහළ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමද අදාළ වැටුප් වැඩිවීමට හේතුපාදක වී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය තහවුරු කරනවා.
රජයේ සේවකයකු විශ්‍රාම ලැබූ පසුව ඔහුගේ විශ්‍රාම වැටුප බද්දෙන් නිදහස් වූවත්,මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා එහි සේවකයන් විශ්‍රාම ගිය පසුව ඔවුන්ගේ වැටුප බද්දෙන් නිදහස් නොවන අතර ඒ රජයේ අනුමත විශ්‍රාම වැටුප් අරමුදලින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නොගෙවන නිසයි.
නමුත්, මහ බැංකුවේ සේවකයන් විශ්‍රාම ගිය පසුවද එම වැටුප බද්දෙන් නිදහස් කරගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවටද තොරතුරු අනාවරණය වෙනවා.
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ, මහ බැංකුව ස්වාධීන ආයතනයක් වුවද, වැටුප් වැඩිකර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ලැබුණු බව අධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා මහ බැංකුව උත්සාහ ගනිමින් පවතින බවයි.
මහ බැංකු සේවකයන්ට එහි අරමුදල හරහා වැටුප් ගෙවනු ලැබූවද, මෙලෙස හිතුමතේ වැටුප් වැඩිකර ගැනීම සඳහා නීත්‍යනුකූල බලයක් නොමැති බවයි අනාවරණය වන්නේ.
මෙම වැටුප් වැඩිකර ගැනීමේදී, වැඩිවන වැටුපට අදාළව රජයට ගෙවීමට සිදුවන වැඩි බදු මුදල ද මෙම වැටුපට එකතුකර තිබෙනවා.
ඉකුත් 2017 වසරට පෙර කාලයේදීද මහ බැංකු සේවකයන්ගේ වැටුපෙන් කපන ලද බද්ද රජයට ගෙවනු ලැබුවේද මහ බැංකු අරමුදල හරහා වන අතරමෙය නීත්‍යනුකූල තත්ත්වයක් නොවන බැවින්, එලෙස අරමුදල හරහා අදාළ බදු මුදල ගෙවීම නීත්‍යනුකූල කරගැනීමට අදාළව දේශීය ආදායම් පනතට වගන්ති එකතු කිරීමේ සූදානමක් පවතින බවද මහ බැංකුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.