Cepetco : වංචාව සොයද්දී චූදිතයෝ රැකියාවෙන් පනිති

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචාවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර එහි අලෙවි අංශයේ රැකියාව කරමින් සිටි නිලධාරීන් 4 දෙනෙක් හදිසියේ රැකියාවලින් ඉවත්ව තිබෙනවා. එම සිව්දෙනාගෙන් ඇතැමුන් මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන විදේශ සමාගමකට ‘Cepetco’ සතු වැඩි අළෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් තෝරා දුන් නිලධාරීන් බව ඛනිජ තෙල් සේවකයන් පවසනවා. පසුගිය ඉන්ධන හිඟ සමයේ කර්මාන්තශාලා සහ හෝටල් ඇතුළු ඉන්ධන බවුසර් ලෙස මිලදී ගත් ආයතනවලට කොමිස් මුදල් ලබාගෙන ඉන්ධන සැපයුවේ යැයි කියන නිලධාරියෙක් ද අස්වීමේ ලිපි දුන් නිලධාරීන් සිවුදෙනා අතර සිටින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

කෙසේ වෙතත්, දැඩි ලෙස පාඩු ලැබූ සිපෙට්කෝ ආයතනයේ සිදුවූ වංචා ගැන සොයන්නට පරීක්ෂණ ක්‍රියාත්මක වෙද්දී මෙලෙස චෝදනාවට ලක්වූවන් හදිසියේ රැකියා හැර යාම සැකකටයුතු බවත් මේ ගැන වගකිවයුතු අංශ වහා ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් Lankaline වෙත පවසා සිටියා. මොවුන් අලුතෙන් මෙහි ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කරන විදෙස් සමාගමක් වෙත එක්වීමට මෙලෙස සේවයෙන් ඉවත් වන බවත් ආරංචි පැතිර තිබෙනවා. මෙම තත්වය ගැන ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති මුනිවත රැකීම ගැනත් ප්‍රශ්නයක් ඇති බව කිව යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles