සිසේරියන් සැත්කම්වලදී භාවිතා කෙරෙන නිර්වින්දන ඖෂධ නොමැතිකමින් කළුතර නාගොඩ රෝහලේ සිසේරියන් සැත්කම් නවතා ඇතැයි වාර්තා වෙනවා.
Maracaine නම් මෙම ඖෂධය නොමැතිකමින් සිසේරියන් සැත්කම් සිදු කළ යුතු ගැබිනි මව්වරුන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
කලුතර නාගොඩ ශික්ෂණ රෝහල විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් ජනතාවට සේවා සපයන රෝහලක් වන අතර, මේ හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පවසනවා.